Friday, June 13, 2014

උරුමයක කරුමය

ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1492 වසරේදී ඇමරිකාව සොයාගන්නා විට ලංකාවේ තිබී ඇත්තේ කෝට්ටේ රාජධානිය වන අතර වීර පරාක්‍රමබාහු viii ගේ පාලන කාලය විය. අද වන විට නන් දෙසින් පැමිණි පෘථිවි වාසීන් ගේ එකමුතුවකින් සැදුම් ලත් ඇමරිකාව ලෝකයේ ප්‍රධානම බලවතා වී සිටි. මේ සිංහල අපගේ රටේ උපන් මිනිස්සු බුරුතු පිටින් ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරමින් එහි යාමට පෙරුම් පුරති. හැකි හැම කෙනාම මේ රට හැර යති.
1901 ජනවාරි 1 වෙනිදා ඔස්ට්‍රේලියාව නමැති රාජ්‍ය බිහිවිය. අද වනවිට වසර 100ක් ගතවී තවත් වසර 13 ගෙවී ගොස් ඇත. ලොව නන්දෙසින් ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් ගෙන් ඇරඹෙන මේ රාජ්‍යය, අදත් එම ප්‍රතිපත්ති වලම පිහිටා සිටිමින් ලොව සතරදික් භාගයෙන් පැමිණෙන පෘථිවි වාසීනට වාසස්ථාන ලබාදේ. ඔස්ට්‍රේලියාව ආර්ථික ස්ථාවරත්වයක් ඇති ලොව ප්‍රභල රටවල් වලින් එකක් වන අතර ඔස්ට්‍රේලියානු ඩොලරය ලොව ශක්තිමත් මුදල් ඒකක වලින් එකක් ලෙස සැලකේ. වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇති මේ සිංහල අපගේ රටේ වැසියන් දිවි පරදුවට තබා බෝට්ටුවල නැගී එහි යන අතර වෘත්තිකයන් තම සුදුසුකමට අනුව රස්සා සොයාගන එහි යති. ඔවුන් කිසි විටකත් මේ සිංහල අපගේ රටයි කියා මෙහි නතර නොවෙති.කොරියාව කම්කරු රස්සා කරන්න එහෙ එන්න කිව්වම ලංකාවේ තරුණ පරපුරම ඒ සඳහා ඉදිරිපත් වෙති. යුරෝපයටත් යන්නේ ද ආයෙත් මේ සිංහල අපගේ රටේ පස් පාගන්නට වත් නොලැබේවා කියා හිතමින්ය.

සැමගේ ඉල්ලීම් ඉතා සරලය. රැකියාවක්, ජිවත් වීමට සුදුසු තැනක්, තම දරුවන්ට අනාගතයක්.
ඒ කියන්නේ ලෝකෙන් උතුම් රටේ මේ කියන කිසිවක් නැහැ කියන එකද?

එහෙම වෙන්නට කුමක් හෝ අවුලක් මේ සිංහල අපගේ රටේ තිබිය යුතුය. එහෙනම් මොකක්ද මේ අවුල. සරලව කියතොත් මේ සිංහල අපගේ රට හරියට වටේට කැටයන් ඇඳපු ඇතුලත සතේ කාසි පිරුන කැටයක් වැනිය. තවත් විදිහකට කියනවා නම් මගුල් ගෙදරක කපන වටේට අයිසින් දාපු ඇතුල රෙජිෆෝම් වලින් හදපු කේක් එකක් වැනිය. මේ රටේ තමන්ට කියා අනන්‍යතාවක් ගොඩනගා ගැනීමට කිසිවෙකුටත් නොහැකිය. අනුන් දෙන තොප්පිය දාගන අපි ජීවත්වෙමු. අපට ඕන දේ කාල බීල අපට ඕන විදිහට ඉන්නට හැමෝම කැමතිය. අද ලංකාවේ දේශප්‍රේමී යැයි කියාගන්න අන්තවාදී ආගමික සංවිධාන සාමාන්‍ය මිනිසාගේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ල කර ඇත. අද විතරක් නොව මුළු ඉතිහාසය පුරාවටම ලංකාවේ මෙවැනි අන්තවාදී ,ජාතිවාදී, ආගම්වාදී සංවිධාන වල බලපෑම සාමාන්‍ය ලාංකිකයන්ගේ මනස තුලට කා වැදී ඔවුන්ව දැඩි පීඩනයකට ලක් කර ඇත. මේ සිංහල අපගේ රටේ මහා ලොකු උරුමය රටවැසියාගේ කරුමය බවට අද පත්වී ඇත. සැනසුම ලඟා කරගැනීමට ඉවහල්වන බුදුදහම පවා විකෘති කොට රටවැසියන් පෙළීමට භාවිතා කරන අවියක් කොට ඇත. කොහේ හෝ ගොස් මානසික නිදහසක් ඇතුව ජීවත්වීමට සුදුසු වාසස්ථානයක් මිනිස්සු සොයා යන්නේ එබැවිනි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිසුන් හොයන්නේ එයයි. රටේ එකිනෙකා අතර එකමුතුව වෙනුවට කෙලගැනිමට අවශ්‍ය පදනම මේ අන්තවාදීන් සාදමින් සිටී .අසල්වැසියාගේ ආගම , ජාතිය , කුලය මත පදනම්ව ආශ්‍රය කලයුතු බවට බලපෑම් කරයි. බොන්න ඕන එකාට බොන්න තිබිය යුතුය. කොටට අඳින්න ඕන ඒකිට ඒකට ඉඩදිය යුතුය. ගස් ගල් අදහන්න කැමතිනම් ඒ සඳහාද නිදහස තිබිය යුතුය. ජාතින් සියගණනක් එක්ව තැනූ ඇමරිකාව , ඔස්ට්‍රේලියාව ලොව බැබලිමටත් මේ සිංහල අපගේ රට පජාත වීමටත් හේතුව දැන් හෙවියයුතුය. ලංකාව බහුජාතික බහු ආගමික රටක් බව, කැමති උනත් අකමැති උනත් තේරුම් ගතයුතු සත්‍යයකි. නමුත් අපි හැම ශ්‍රී ලාංකිකයන් යැයි කටක් හැර කීමට හැකිනම් අපටද ලොව ප්‍රභල ජාතියක් වීමට හැකිවනු ඇත. අද ඇත්තේ සැබවින්ම කුමන්ත්රණය. අපි එදා මෙන්ම අද දවසේත් මේ කුමන්ත්‍රණ වලට හසුවෙමු. මෙවැනි අවජාතක සංවිධාන තිබෙන තුරු මේ රටට අනාගතයක් නැත. තලේබාන් , බෝකා හරාම්, අල් ඛයිඩා , ජෙහාඩ් වැනි අන්තවාදීන් සිටින රටවල් අතරට ලංකාවද නොදුරේදී එක්වනු ඒකාන්තය.


-චාමර ජනරාජ් පීරිස්-
(Friday , 13/6/2014)
(https://www.facebook.com/chamarajm)


සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]

9 comments:

  1. කරුමෙ කරුමෙ

    ReplyDelete
  2. ඒ වුනත් ලෝකෙන් උතුම් රට ලංකාවයි , උතුම් රට මදිවට දැන් ආශ්චර්යය

    ReplyDelete
  3. නුදුරේදී නෙමෙයි දැන්මම ලංකාව ඒ මැඩල් එක අරන් තියෙන්නෙ. හරි සන්තෝසයි අප්පා.... ලෝකෙ අනිත් රටවල්වලට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්!!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. උඹල වගේ blog ලියන උන් ඉන්නකන් ඉතින් ලංකාවක් ගොඩ ගන්න බෑ. මිනිස්සු රට යන්නේ ප්‍රශ්න නිසා තමයි. හැමෝම ගියාම උඹලට සතුටු වෙන්න පුළුවන්. එතකොට ජාතිවාදියෝ නෑනෙ. තව මේක බහු ජාතික රටක්ලු. අනේ බන්. සිංහල අපිට තියෙන්නේ මේ අඩි දෙකේ රට විතරයි. උඹල වගේ උන් මැරුණට පස්සේ අයෙත් ලංකාවෙනම් උපදින්න එපා. එහෙම උනොත් අනිත් හැම එකාම මේකෙ රිංගයි.

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ.... ඇඬෙනවා!

      Delete
    2. මෙම ලිපිය ලියන ලද්දේ සහෘදයෙක් බැවින් කමෙන්ට් සඳහා පිළිතුරු සැපයීමට අදහස් නොකරමි.
      නමුත්, sachini kanchana නොහොත් Chathura Pramod Gamage'ට උපදෙසක් දීමට කැමැත්තෙමි.
      "ප්‍රොෆයිල් එක මාරු උනා කියල මතක් උනේ කමෙන්ට් එක දැම්මට පස්සේ උනාට, ඒක ඩිලීට් කරා කියල වැඩක් වෙන් නෑ සචිනි. මොකද නෝටිෆිකේෂන් එක කමෙන්ට් එකත් එක්කම ඊමේල් එකට එනවා. අඩුගානේ චතුර උඹට මොලේ ස්වල්පයක්'වත් තිබුණානම්, ඒකම ගෙඩි පිටින් පේස්ට් නොකර ඒ අදහස වෙන වචන ටිකකින් කියන්න තිබුණා."

      ප්‍රොෆයිල් දහය'පහළොව හදාගෙන තම ඇරියස් කවර් කර ගැනීමට තැන තැන බුරනා සියළු නරි ගැන අප විසින් කිසිදු තැකීමක් නොකරන මුත් ඔවුන් අඩුතරමින් තමං කරන'කියන දේ'ට වත් අවංක නැති , මොලය'ද කලඳක් නැති ගොබ්බයන් බව ප්‍රත්‍යක්ෂ වීමේදී ඇති වන්නේ ඉමහත් කනගාටුවකි.

      ලියුම්කරු වෙනත් තැනක තබන ලද සටහනකින් වෙන්කරගත් කොටසක් ඔබ වැනි සියල්ලන් වෙත උපුටා තබමි.
      "අපි කාල ඇඳලා ඉන්නේ මේ පෘථිවිය කියන කිසිම ජාතියකට හෝ ආගමකට අයත් නැති බෝලයක් උඩ කියල මුන් දකින්නේ නැහැ. ඒක දකින්න මුන් මොන ආගමේ ඉපදුනත් පින් කරලා නැහැ. ඒකනිසා මෙලෝ වැඩකට නැති ජාතිය නමැති බ්‍රසියර් එකයි ,ආගම නමැති පෑන්ටියයි ඇඳගන පොරවල් කියල හිතාගන ඉන්නවා."
      (link)

      Delete
  6. අළුත්ගම අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් පොලිසිය සහ රජය ගත් ක්‍රියාමාර්ග දැක්කම සිද්ධියට මුල් වුනේ සිංහල / මුස්ලිම් පිරිස් නොව රජයේ බත් බැලයින් බව පේනවා..

    ReplyDelete
  7. Betway Casino & Resort | Jobs in New Jersey
    Betway 포항 출장샵 Casino 전주 출장마사지 & Resort 군산 출장마사지 offers gaming, 삼척 출장마사지 luxury accommodations, entertainment, luxury hotel accommodations, retail, dining, spa, casino, and a 정읍 출장안마 relaxing spa.

    ReplyDelete